149-copy

Wedding Poruwa Customs (මංගල පෝරු චාරිත්‍ර)

මංගල පෝරුව පිලිබදව පවතින මතයක් නම් එය මහා සම්මත රාජ සමයේ සිට පැවත එන බවයි. එනම් මහා සම්මත රජු සහ මුතුකෙලී කුමරියගේ විවාහය සදහා විස්කම් දිව්‍ය රාජයා චන්ද්‍ර ගිරි පර්වතයේ සිට පැමිණ මගුල් පෝරුවක් නිර්මාණය කල බව පැවසේ.එසේම සිද්ධාර්ථ හා යශෝදරා කුමරියගේ විවාහයත් පෝරුවක් මත සිදු කල බවට මතයක් පවතී.මගුල් පෝරුව විවාහ වන දෙපලට සුබ ඵල එක් කරන බවද පැවසේ.

මගුල් පෝරුවක චාරිත්‍ර සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය

  1. ලද පස් මල් පැකට් 1 යි
  2. සුදු රෙදි යාර 2 යි
  3. සුදු හාල් 1 KG
  4. බුලත් අත් 7
  5. පඩුරු 21
  6. පොල් මල් 4 යි
  7. පිරිත් නුල්
  8. කෙණ්ඩියක් හෝ සංකයක්
  9. පොල් ගෙඩියක්
  10. කැත්තක්
  11. පැන් වැඩිමට භාජනයක්
  12. මැටි පහන් 4ක්
  13. පහන් තිර
  14. පොල්තෙල්

තවද මනමාලයා විසින් පහත ද්‍රව්‍ය රැගෙන ආ යුතුය

  1. මංගල මුද්ද
  2. තැල්ල
  3. කවිචි හේලය
  4. හගල හුරුළු සදහා බුලත්
  5. දෙවැනි ගමන් සදහා රෙදි

ඊට අමතරව කිරිබත්, කෙසෙල්, කැවුම්, තැබිලි, කාසි, රන්, රිදී, මුතු, මැණික් ද අවශ්‍යනම් ඇතිරිය හැකිවේ

පෝරුවේ චාරිත්‍ර කරන පිළිවෙල.

  1. පළමුව නව යුවල පෝරුවට නංවනු ලබයි.
  2. ඉන්පසු ධෘතටෂ්ට, විරුඩ, විරුපක්ෂ, හා වෛශ්‍රවන යන සතරවරම් දෙවිවරුන් උදෙසා පුන් කලස් මත පහන් දල්වනු ලබයි
  3. ඉන්පසු ත්‍රිවිද රත්නයට නමස්කාර කර සියලු දෙවි වරුන්ගේ අවසර ලබා මංගල බෙර හඩ අනුව් යමින් දකුණු කකුල පෙරට තබා නව යුවල මංගල පෝරුවට නංවනු ලබයි
  4. දළු මුර පිදීම හෙවත් බුලත් හුරුල්ලක් මත පඩුරු තබා දෙවියන්ගෙන් ආශීර්වාද ලබා ගැනීම සිදු කරයි
  5. එම බුලත් හුරුල්ල පෝරුවට දැමීම කරනු ලබන අතර එය මගින් භූමියට අදිපති දෙවියන්ගෙන් අවසර ලබා ගැනීම සිදු කරනු ලබයි
  6. තැල්ල හා රෙදි ඇන්දවීම සිදු කරයි
  7. අත් කවුතික හෙවත් දෙදෙනාගේ අතේ සුලෑගිලි පිරිත් නුලකින් බද බන්දනය කරනු ලබයි
  8. ඉන් පසු එම යුවලගේ සුලෑගිලි මතට මනමාලියගේ පිය විසින් අතින් පන් වැඩිම සිදු කර භාර දීම සිදු කරනු ලබයි
  9. ජයමංගල ගාථා ගායනය කරනු ලබයි
  10. හගල හුරුළු පිදීම හෙවත් හත්මුතු පරම් පරාව සිහි කරමින් බුලත් හුරුළු 7 ක් පෝරුවට දැමීම සිදු කරයි
  11. ඉන් පසු බුලත් හුරුළු ගෙන සුබ පැතීම සිදු කරනු ලබයි.
  12. මනාලියගේ මෑණියන් හට පෙවූ කිරිවල පව් අරවිම සදහා මනමාලය විසින් කිරිකඩ හේලය පිදීම සිදු කරනු ලබයි
  13. මනාලියගේ පියා විසින් මනමාලයා හට තෑගි හෙවත් දැවැද්ද දීම සිදු කරනු ලබන අතර මේ සියල්ල අවසන් වූ පසු පෝරුවෙන් බැස්සවීම සිදු කරනු ලබයි

1714total visits,1visits today

Leave a Comment

Your email address will not be published.